ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා ඉදිරි දින කිහිපයේදී සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට හෝ ධූරයෙන් ඉවත් කිරීමට ඉඩ ඇති බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අත්හිටුවමින් අතුරු පාලක මණ්ඩලයක් පත්කිරීමට නිකුත් කළ නිවේදනය සම්බන්ධයෙන් අමාත්‍යවරයා හා ජනාධිපතිවරයා අතර මත ගැටුමක් ඇති විය.

ඇති වූ මත ගැටුම් හේතුවෙන් අවශ්‍ය නම් තමන් අමාත්‍ය ධුරයෙන් ඉවත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දැන්වූ බව මීට පෙර රොෂාන් රණසිංහ මහතා මාධ්‍ය වෙත සඳහන් කලේය.

The post ෂම්මි ජය ගනී..! රොෂාන් ක්‍රීඩා ඇමතිකමෙන් ඉවතට..! appeared first on ColomboXnews.