ව්‍යාපෘතියකට  පාරිසරික වාර්තාවක් නිකුක් කිරීම සඳහා රුපියල් කෝටියක  අල්ලස් මුදලක් ලබාගැනීමට සැරසෙද්දී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් බනධනාගාරගත කළ මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පත්කරන ලද සුපුන් එස් පතිරගේ ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය අද (13) නියෝග කළේය.

රුපියල් 25,000ක මුදල් හා ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහුව මුදාහැරීමට අධිකරණය නියම කළේය.

කෙසේ වෙතත්  සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් දෙදෙනා ලබන 24 වනදා දක්වා යළි රිමාන්ඩ් බන්ධනාගාරගතකර කර ඇත.

තව කියවන්න – මධ්‍යම පරිසර අධිකාරියේ කෝටියක අල්ලස් සිද්ධියේ රනිල්ගේ ගෝලයා සහ බැසිල්ගෙ ගෝලයා අද (13) යළිත් අධිකරණයට

රුපියල් කෝටියක අල්ලසක් ගනිද්දී අල්ලස් කොමිසමට කොටු වූ රනිල් වික්‍රමසිංහ මධ්‍යම පරිසර අධිකාරියට පත්කල එහි සභාපති 13 තෙක් රිමාන්ඩ්..!

රනිල් වික්‍රමසිංහ මධ්‍යම පරිසර අධිකාරියට පත්කල එහි සභාපති ඇතුළු එජාපයේ තිදෙනෙක් කෝටියක අල්ලසක් ගනිද්දී අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගනී..!

The post කෝටියක් අල්ලස් ගැනීමේ දී කොටු වූ රනිල්ගේ ගෝලයා පැය 48න් ඇප මත නිදහස් appeared first on ColomboXnews.