බලංගොඩ ගවරංහේන, වැහිංතැන්න ප්‍රදේශයේ පස්කන්දක් නායයෑමෙන් එකම පවුලේ පුද්ගලයින් සිව්දෙනෙකු අතුරුදන්ව ඇති බව පොලීසිය පවසයි.

ඊයේ (12) රාත්‍රී එම ප්‍රදේශයට බලපෑ වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ පස්කන්ද නාය ගොස් ඇති අතර එහිදි නිවාස 3කට හානි සිදුව ඇති බව වාර්තා වේ.

මෙහිදි එක් නිවසක සිටි මව, පියා සහ දියණියන් දෙදෙනා මේ වන විට අතුරුදන්ව ඇති බව පොලිස් මුලස්ථානය සඳහන් කළේය.

කෙසේවෙතත් ඔවුන් පස් කන්දට යටවී ඇත් ද එසේත් නොමැති නම් නායයාමත් සමඟ වෙනත් ස්ථානයකට ගොස් ඇතිද යන්න පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

ඊයේ රාත්‍රී කාලයේ මෙම සිදුවීම වාර්තා වු අතර පැවැති අධික වර්ෂාව හේතුවෙන් එම ප්‍රදේශයට ළඟාවීම අපහසු වීම මත ඔවුන් සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරු වාර්තා වී නොමැති බව පොලීසිය සඳහන් කළේය.

කෙසේවෙතත් නායයාමට ලක්වු ප්‍රදේශය අධික බෑවුම් සහිත ප්‍රදේශයක් වන අතර තවත් නිවාස කිහිපයක පුද්ගලයින් එම ස්ථානයෙන් ඉවත් කිරීමට ද ආරක්ෂක අංශ පියවර ගෙන තිබේ.

The post බලංගොඩ නාය යෑමෙන් එකම පවුලේ සිව් දෙනෙක් අතුරුදහන් appeared first on ColomboXnews.