අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා ලබා සිටින රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තට එරෙහිව ඉදිරිපත් කර ඇති පෙත්සම් තුනක් ජනවාරි මස 31 වන දා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (නොවැ. 13) නියෝග කර තිබේ.
ඒ, එම මෙම පෙත්සම් අද සෝභිත රාජකරුණා, අසා ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී ය.
එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම සහ පෙත්සම්කාර මෙන් ම වගඋත්තරකාර සනත් නිශාන්ත වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් ද ඉදිරිපත් කළ කරුණු සලකා බලා ඇති විනිසුරු මඩුල්ල අදාළ පෙත්සම ජනවාරි මස 31 වන දා විභාගයට ගැනීමට දින නියම කර ඇත.
අදාළ පෙත්සම අද කැඳවූ ලැබූ අවස්ථාවේදී වගඋත්තරකාර සනත් නිශාන්ත අධිකරණය හමුවේ පෙනී සිට තිබේ.
එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය කළ ඉල්ලීමක් පිළිගත් අධිකරණය වගඋත්තරකාර සනත් නිශාන්ත වෙත යළිත් සිතාසි නිකුත් කරන ලෙස නියෝග කර ඇත.
ඉකුත් වසරේ අගෝස්තු මස 25 වන දා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී අරගලයකට සමයේ අරගලකරුවන්ට ඇප ලබාදීමේදී මහේස්ත්‍රාත්වරු අනුගමනය කළ ක්‍රියාපටිපාටිය විවේචනය කිරීම තුළින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා අධිකරණයට අපහාසයක් සිදුකර ඇතැයි චෝදනා කරමින් මෙම පෙත්සම් 3 ඉදිරිපත් කර තිබිණි.
ශ්‍රී ලංකා අධිකරණ නිලධාරීන්ගේ සංගමය, ප්‍රියලාල් සිරිසේන සහ විජිත කුමාර යන නීතිඥවරුන් දෙදෙනා විසින් එම පෙත්සම් ඉදිරිපත් කරනු ලැබ තිබිණි.
The post අධිකරණයට අපහාස කිරීම: සනත් නිශාන්තට එරෙහි පෙත්සම් විභායට දින නියම වෙයි appeared first on ColomboXnews.