Please wait while JT SlideShow is loading images...
Sri Lankan Air LinesThe Web design company
Kavi Maduwa
you can reply / comment by clicking in to header of each poem.

රැළි රැඳි සයුරු තෙර නොපෙනෙන තටාකෙක

Last Updated on Friday, 29 April 2011 20:35 Written by Administrator Friday, 29 April 2011 20:30

රැළි රැඳි සයුරු තෙර නොපෙනෙන තටාකෙක
බිඳි සිඳි නැඟෙන පෙණ පිඬුලෙස දරාගෙන
රිවි සැරි සරණ ලොව සරතැස නිවාගෙන
එමි යමි සසර තව බුදුබණ පතාගෙන

Roshan Hewavitharana
 

නූතන උපාධිධරයා

Last Updated on Friday, 29 April 2011 20:35 Written by Administrator Friday, 29 April 2011 20:25

ශිෂ්‍යත්වෙන් පාස් වෙලා
ඕ/ලෙවල් ඒ ගත්තා
ඒ/ලෙවල් පදමට කර
වාසිටියේ වැට පැන්නා...

හයමසෙන් හයමසට
වසරකින් වසරකට
වන පොත් කලා දිගට
පිටු පිරුනු අච්චු පොත්
නවතා දමා මදකට
ගලන පැහැසර හැගුමන්...

අවසන අමාරුවෙන් - ගත් උපාධිය අත දරන්
මහ මග හිගා කමි - මන්ද දැන් උපාධි ඕන තරම්...!

 

Ashenika Abeywickrama (FB Group)

 
 

සිහිය උපදවා ගනිමු...

Last Updated on Friday, 29 April 2011 20:35 Written by Administrator Friday, 29 April 2011 20:13

ඇතත් නෙක් ඔසු ලොවැ..
දහමො'සුව සම ඔසුවෙක් නැත..
එය වළඳන්න මහණෙනි..!
එ ඔසුව බී ඔබ ද..
කෙ‍ළෙස් ලෙඩ හැම සුව කැර
දිරුම් වැනසුම් නැති
උතුම් පිරිනිවියාව දනු මැන...!"

"යේ කේචි ඕසධා ලෝකේ විජ්ජන්ති විවිධා බහූ..
ධම්මෝසධසමං නත්ථි ඒතං පිවත භික්ඛවෝ..
ධම්මෝසධං පිවිත්වා අජරාමරණං සියුං..
භාවයිත්වා ච පස්සිත්වා නිබ්බුතා උපධික්ඛයේ.."

Sathsara Gunawardhana (FB Group)

 
 

Page 2 of 2