Please wait while JT SlideShow is loading images...
Sri Lankan Air LinesThe Web design company

එඩ්වර්ඩ් ජෝශප් ස්නෝඩන්

එඩ්වර්ඩ් ජෝශප් ස්නෝඩන් යනු සහශ්‍රකයේ නිර්භීතම තරුණයා යයි කිමද අතිශෝක්තියක් නොවේ. ස්නෝඩන් ඇමෙරිකානු බලධිකාරියට එරෙහිව පෑ පෙළහර අසාමාන්‍ය හැකියාවක් ඇති අයෙකුට හැර කල නොහැක. 1983 ජනවාරි 21 වෙනි දින උතුරු කැරොලිනාවේ ජෝශප් නගරයේ උපත ලැබීය. පරිගණක පිළිබඳව හසල දැනුමක් ලබාගත් ඔහු ලිවර්පුල් සරසවියෙන් පරිගණක විද්‍යාව පිළිබඳව ගෞරව උපාධියක් හිමි කර ගත්තේය. ඉන් පසුව පරිගණක ලෝකයේ නමක් දිනා ඇති DELL සමාගමේ ජේෂ්ඨ උපදේශකයෙකු ලෙස පත් විය. 2006 වසර වන විට ඇමෙරිකානු සිඅයිඒ සංවිධානයට ඔහුගේ අවශ්‍යතාවය දැනෙන්නට විය. ඉන් පසුව වර්ජිනියා ප්‍රාන්තයේ ලැන්ග්ලේ හි පිහිටි සිඅයිඒ සංවිධානයේ මුලස්ථානයේ ජාත්‍යන්තර තොරතුරු තාක්ෂණ අංශයට අනුයුක්ත කරන ලදී. එහෙදී ඔහු විසින් ඇමෙරිකාවේ ජාතික ආරක්ෂක ඒජන්සියේ හා මහා බ්‍රිතාන්‍යයේ GCHQ නොහොත් Government Communications Headquarters හි බිලියන ගණනක රහස් සොයා ගත්තේය. මේ සියලුම රහස් ලෝකයට අතිශය තර්ජනාත්මක ඒවා වීම විශේෂිතය. ඇමෙරිකානු ප්‍රමුඛ බටහිර දේශපාලනයේ තුච්චකම ලොවට දිග හැරෙන්නේ ඒ තුලිනි.

ස්නෝඩන් මේ තොරතුරු දැනගැනීමත් සමගම ඇමෙරිකානු ගර්හිත දේශපාලනය පිළිබඳව ඇමෙරිකානු පුරවැසියෙක් ලෙස කලකිරීමට පත් විය. තමා හා තම ආදරවන්තිය පදිංචි වී සිටි හවායි දුපත අතහැර සියලුම තොරතුරු රැගෙන හොංකොං වෙත රහසිගතව පිටවිය. ඉන් පසුව ඇමෙරිකාව සෙලවූ යකඩ මිනිසා වූ ස්නෝඩන් ලොවට අනාවරණය වන්නේ එහිදීය. බ්‍රිතාන්‍යයේ ගාඩියන් පුවත්පතේ ගලෙන් ග්‍රීන්වර්ල්ඩ් ඉතා රහසිගතව හොංකොං හි මීරා හෝටලයේදී පුවත්පත් සාකච්චාවක් පැවැත්වීය. එහෙදී අදහා ගත නොහැකි නිහීනත්වයක් ලොවට දිග හැරෙමින් ස්නොඩන් තම පරිගණකයේ එතෙක් ඉතා සුරක්ෂිතව සඟවා තබාගත් තොරතුරු ලෝකයාගේ දැනගැනීම පිණිස විවර කළේය. පසු දින එම පුවත සමග බ්‍රිතාන්‍ය ගාඩියන් පුවත්පත අලෙවි වාර්තා තබමින් විකිනෙන්නට විය. එම පුවත්පත පමණක් නොව ඇමෙරිකාවේ The Washington Post , The New York Times. ජර්මනියේ Spiegel යන පුවත්පත්වල සිරස්තලය වුයේද එකී තොරතුරු පිලිබඳ පුවතයි. ස්නෝඩන් ද්‍රෝහියෙකු බවත් , නොවලහා ඔහු මරාදැමිය යුතු බවත් ඇමෙරිකානු දේශපාලනයේ මතය විය. ඔහුට එරෙහිව නීතිමය කටයුතු ආරම්භ කරන ලදී . ඔහු සතු ඇමෙරිකානු ගමන් බලපත්‍රය බල රහිත කළේය. තත්වය කෙතරම් පරපතල වුවද ඔහු ජාත්‍යන්තර මාධ්‍යට කතා කරමින් තමා කල සියලු දේ නිවැරදි බවත් , පුරවැසියෙකු ලෙස වැරදි දේශපාලනය නිවැරදි යයි කීමට තමා ඉදිරිපත් නොවන බවද , මානව වර්ගයා වෙනුවෙන් තමාට කල හැකි උපරිමය සිදු කල බව පැවසීය.

අනතුරුව 2013 ජුනි 23 වෙනි දින හොංකොං සිට රුසියාවේ මොස්කව් ගුවන් තොටුපලට පිවිසීමෙන් අනතුරුව පුටින් විසින් ඔහුට වසරක නැවතීමේ අවසරය ලබා දෙන ලදී. පසුව එය තවත් වසර තුනකට දික් කරන ලදී. මේ වන විට ඔහු රුසියාවේ හෙලි නොකළ ආරක්‍ෂිත ස්ථානයක පසුවේ. ඔහුගේ අයිතීන් වෙනුවෙන් හඬ නැගු අය අතර කියුබානු නායක පිදෙල් කස්ත්‍රෝ ද විය. වරෙක ඔහු පැවසුවේ ඕනෑම අවස්තාවක ස්නෝඩන් වීරයෙකු ලෙස කියුබානු ජනතාව පිගනීමට සුදානම් බවත් එම රට තුල ඔහුට රැඳී සිටීමට අවසර දෙන බවත්ය. 2013 වසරේදී බොලිවියාවේ ජනපති එවෝ මොරාලෙස් පැවසුවේ තමාගේ රට තුල ස්නොඩන් ගේ ඉදිරි අනාගතයට ඉඩ ඇති බවය. ඔහු ඉතා රහසිගතව මොස්කව් නගරයේදී ස්නොඩන් හමු වු බවද වාර්තා විය. යම් දිනක ඔහු ඇමෙරිකානු අත්අඩංගුවට පත් වුවහොත් ඔහුට ලැබෙන උපරිම දඬුවම මරණයයි. එවන් තත්වයකට මුහුණ දීමට සිදුවන බව දැනගෙන වුවද ඔහු විසින් ලොවට නිරාවරණය කල තිත්ත වූ ඇත්ත තුලින් ලබාගත් පිළිකුල් සහගත අත්දැකීම් , ඔහු මරාදැමීමෙන් පමණක් යැංකි අමෙරිකාවනුවන්ට වසා ගත නොහැක. ස්නෝඩන් ගේ වීරත්වය සදාකාලිකය. සහශ්‍රයේ වීරයා වූ ඔබට අපේ ආචාරය.

පහතින් දැක්වෙන්නේ ඔහු පිළිබඳව ඇමෙරිකානු සිනමාවෙදිනියෙකු ලෝරා පෝට්‍රේස් කල වාර්තාමය චිත්‍රපටයයි. එය මෙවර ඇකඩමි සම්මාන උළලේ ඉතා ඉහල ඇගයුමට ලක් විය

http://documentaryheaven.com/citizenfour/

 

 

Chulaka Bandarawatta's photo.
Comments (0)Add Comment

Write comment
smaller | bigger

busy